28.9 C
Colombo
May 20, 2026
BusinessBusiness NewsLocal NewsNews

කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට

අද (03) පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවකින් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත. මෙලෙස ගනුදෙනු නතර කිරීමට හේතු වූයේ වෙළඳපොළේ ප්‍රධාන දර්ශකයක් වන S&P SL20 දර්ශකය පෙර දිනයේ අවසාන අගයට සාපේක්ෂව 5.27% කින් හදිසියේ පහත වැටීමයි. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ උපදෙස් අනුව, මෙවැනි තියුණු පහත වැටීමකදී වෙළඳපොළ ස්වයංක්‍රීයව අත්හිටුවීමකට (Market Halt) ලක් කෙරේ.

ගනුදෙනු අත්හිටුවන අවස්ථාව වන විට S&P SL20 දර්ශකය ඒකක 366.97 කින් පහත වැටී ඒකක 6,269.00 ක් ලෙස සටහන් විය. එමෙන්ම සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1,250.30 කින් පහත වැටී ඒකක 22,483.76 ක් ලෙස වාර්තා විය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ආයෝජකයන් අතර ඇති වූ අවිශ්වාසය මෙම කඩා වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…

Shiran Viraj

කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා ජලාශ එකවර මුදා හැරීමෙන් මහ විනාශයක් – කබීර් හෂීම්ගෙන් රජයට චෝදනා

Shiran Viraj

සජිත් මෝඩයෙක්.. රට පාලනය අනුරට බාර දිය යුතුයි..

Shiran Viraj