27.8 C
Colombo
September 26, 2026
Local NewsNews

මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක

මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මධ්‍යධරණී සහ ගල්ෆ් මුහුදු කලාපයේ නාවික ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර, මෙරට තේ අපනයන ක්‍රියාවලියට ඉන් සෘජු බලපෑමක් එල්ල වී ඇති බව රජය පවසයි. විශේෂයෙන්ම මෙරට නිෂ්පාදනය කෙරෙන ‘මැද රට තේ’ සඳහා ඉහළම ඉල්ලුමක් පවතින ඉරානය සහ ඉරාකය වැනි රටවලට තේ යැවීමේ කටයුතු මේ වන විට අඩාල වී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

ගල්ෆ් කලාපය හරහා සිදුවන වෙළඳ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට තිබීම නිසා වරාය පරිශ්‍රය තුළ අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත. ඒ අනුව, මැද පෙරදිග කලාපයට යොමු කිරීමට නියමිත තේ ඇතුළු අපනයන භාණ්ඩ වරාය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසත්, නිශ්චිත තීරණයක් ගන්නා තෙක් ඒවා නිෂ්පාදනය කරන ස්ථානවලම රඳවා තබා ගන්නා ලෙසත් ඔහු අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියි. පවතින තත්ත්වය හමුවේ විකල්ප වෙළඳපොළවල් සොයා යාම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

නාවික ගමනාගමනයට අමතරව ගුවන් ගමන් සඳහා ද මෙම යුදමය තත්ත්වය ප්‍රබලව බලපා ඇත. ඉරානය, බහරේනය සහ ඩුබායි වැනි රටවල ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් 125 ක් පමණ මේ වන විට අවලංගු වී තිබේ. යුරෝපය බලා යාමට සිටි මගීන් සඳහා තුර්කිය වැනි විකල්ප ගමනාන්ත හරහා පහසුකම් සැලසීමට ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් පවතින අතර, ගුවන් තොටුපළේ රැඳී සිටින මගීන්ට අවශ්‍ය ආහාර සහ නවාතැන් පහසුකම් සැපයීමට ද පියවර ගෙන ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ යාමට 47%ක අධික බදු බර බලපා ඇති බව රවී කරුණානායක මහතා පවසයි

Shiran Viraj

කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..

Shiran Viraj

නාමල් රටින් පලා යයිද…

Shiran Viraj