26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

“ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙනවා” – අගමැති

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා විශාල ක්‍රීඩාංගණ කොළඹ පාසල්වල පවා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී ඊයේ (31) පැවැසීය.
 
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නරඹන්නන් 5000ට පමණ අවශ්‍ය පහසුකම් ඇති බවත් ප්‍රේක්ෂකයන් 25,000කට වැඩි පිරිසකට තරඟ නැරඹිය හැකි තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කොග්ගල ප්‍රදේශයේ  ඉදිකරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ ගාල්ල කළුවැල්ල ලී ග්‍රෑන්ඩ් හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
 
අගමැතිවරයා එහි දී මෙසේ ද කීවේය.
 
”ගාල්ල ආසියාවේ ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා.  අළුතින් ගොල්ෆ් පිටි තුනක් සහ දැනට තිබෙන ක්‍රීඩාංගණයට වඩා විශාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගාල්ලේ හදනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරගෙන යනවා. මෙහෙම කරද්දි පුද්ගලික විද්‍යුත් මාධ්‍ය මේවාට එරෙහි වනවා. මාධ්‍ය අයිතිකරුවන් සියලු දෙනාම මෙහෙට ගෙනෙවිත් පෙන්වන්න අවශ්‍යයි මේවායේ මොනවාද කෙරෙන්නේ කියා. මෙයින් රැකියා ලැබෙන්නේ ගාල්ලේ අයට.  කලින් ආණ්ඩුව කොග්ගල ක්‍රීඩාංගණයක් හදනවා කිව්වම විරුද්ධ නොවී සිටි මාධ්‍ය දැන් අපි හදනවා කිව්වම විරුද්ධ වෙනවා. මේක තේරුම්ගත නොහැකි තත්ත්වයක්.  මා බලාපොරොත්තු වෙනවා පුද්ගලික විද්‍යුත් මාධ්‍ය මේවාට සහය දේවි කියා. ගාල්ල කේන්ද්‍ර කරගෙන සංචාරක ක්ෂේත්‍රයේ විශාල වැඩ කොටසක් සිදු කරනවා.”

(under the courtesy of asianmirror.lk news web)

Related posts

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Shiran Viraj

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්

Shiran Viraj

බද්ද ගෙවුවොත් ඇඟලුම් සේවකයන් ලක්ෂ 3 1/2ක රැකියා අවදානමක්…

Shiran Viraj