32.2 C
Colombo
April 1, 2026
LIFELIFE NEWSNews

තෙල් කෑම තෙල් නැතුව කන්නේ මෙහෙමයි

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් තෙල් සහිත ආහාර රස විඳීමට දැඩි ආසාවක් දක්වනවා.

එහෙත් අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග රැසකටම ප්‍රධාන හේතුව අධිකව තෙල් අපගේ සිරුරට ඇතුළුවීම නිසා කොලෙස්ටරෝල් සංඝටකය ඉහළ යෑම බව වෛද්‍ය වරුන්ගේ මතයයි.

නමුත් මෙම රෝග තත්වයන් ගෙන් මිදි තෙල් සහිත ආහාර භාවිතය කරන්නේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් ග්‍රෑම් 100 ක් පමණ බර ආහාරයක් ගැඹුරු තෙලේ බැදීමෙන් පසුව එයට උරාගන්නා තෙල් ප්‍රමාණය සියයට 33ක් වන බව පර්යේෂණ දත්තවලින් පෙන්නුම් කරනවා.

එය අපගේ ශරීරවලට ඉතාම අධික තෙල් ප්‍රමාණයක්.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළුවන තෙල් ප්‍රමාණය දහනය කිරීම සඳහා විනාඩි 20ක්වත් පා පැදියක් පැදිය යුතුයි.

එය ප්‍රායෝගිකව අපේ සමාජයේ සිදුවන්නේ නැහැ.

නමුත් මෙම ක්‍රමය මගින් ඔබට ඕනෑම තෙල් සහිත ආහාරයක් කිසිම බයක් නැතිව කන්න පුළුවන්.

01) මෙහිදී මුලින්ම ගැඹුරු තෙලේ බදින්න ගන්නා ඕනෑම ආහාරයක් සෙවල ගතියෙන් යුත් ද්‍රාවණයකින් තවරා ගැනීම කරන්න ඕනේ.

එය ඉතා හොඳින් ආහාරයේ තවරාගත යුතුයි.

ඒ අනුව තමයි මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ.

මේ සෙවල සහිත ද්‍රාවණය සාදා ගැනීමට දැනට අපිට ක්‍රම දෙකක් යොදාගන්න පුළුවන්.

බණ්ඩක්කා කරල් හා දවුල් කුරුඳු කොළ භාවිතයෙන් මෙම ද්‍රවනය සදාගන්නා පුළුවන්.

දවුල් කුරුඳු කොළ සෝදා අතින් හොඳින් පොඩිකර අවශ්‍ය පමණට වතුර යොදා පෙරා ගන්න.

දවුල් කුරුඳු කොළපාට නිසා තෙලේ බදින ආහාරයේ පැහැයෙහි වෙනසක් වේ යැයි සිතේනම් හුමාලයෙන් තම්බා ගන්න (ස්ටීම් කරගන්න අවශ්‍යනම්).

ඉන්පසු තෙලේ බැදීමට ගන්නා ආහාරය පෙරාගත් දවුල් කුරුඳු ද්‍රාවණයේ ගිල්වා සාමාන්‍ය පරිදි බැදගන්න.

තෙල් ආහාර වැඩිපුරම ආහාරයට ගන්නා කාර්යබහුල නාගරික සමාජයේ අයට දවුල් කුරුඳු සොයා ගැනීමට තිබෙන දුෂ්කරතාවට පිළියමක් ලෙස බණ්ඩක්කා කරල් යොදාගත හැකියි.

බණ්ඩක්කා කරල් හීනියට කපා භාජනයකට දමන්න.

ඉන්පසු බදින්න ගන්නා ආහාරය ද එම භාජනයටම දමා බණ්ඩක්කාවල සෙවල ගතිය හොඳින් තැවරෙන සේ කළවම් කරගන්න.

එසේම සැම විටම තෙල් හොඳින් රත්වූ පසු ආහාරය තෙල්වලට එක්කිරීමෙන්ද උරාගන්නා තෙල් ප්‍රමාණය යම් පමණකින් අඩුකර ගන්න පුළුවන්.
www.cnews.lk

Related posts

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

Shiran Viraj

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

Shiran Viraj

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj