February 3, 2026
NewsPolitical

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 122 ක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම සළකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ අදාළ පෙත්සම නොවැම්බර් 30 වැනිදා සහ දෙසැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමටයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ 49 දෙනෙකු අදාළ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදී අදාළ පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කිරීමටද නියමිත බවයි වාර්තා වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj

උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි

Shiran Viraj