26.1 C
Colombo
September 18, 2026
International NewsNews

සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගනිද්දි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස් වේ

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෙනරාල් ජේම්ස් මැටිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වනවා. එළඹෙන පෙබරවාරි මාසයේදී ඔහු සිය ධූරයෙන් ඉවත් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නිවේදනය කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

හමුදාමය කි‍්‍රයාකාරකම්වලදී ඔහු තමන්ට ඉමහත් සහයෝගයක් ලබා දුන් බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් ජෙනරාල් ජේම්ස් මැටිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව මෙලෙස නිවේදනය කෙරුණේ සිරියාවේ සිටින සිය හමුදාවන් ඉවත් කර ගන්නා බවට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් මතභේදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබියදීයි. 

මේ අතර ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ඉල්ලා අස්වී ඇති හෝ ධූරයෙන් පහ කරන ලද ජනාධිපති කාර්යය මණ්ඩල සේවක සංඛ්‍යාව 100කට ආසන්නයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලිත්‍රො ගෑස් 100% ආසන්න දැවැන්ත මිල වැඩි කිරීමක.. සිලින්ඩරය 5175යි…

Shiran Viraj

මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඇප මත නිදහස්

Shiran Viraj

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Shiran Viraj