31.1 C
Colombo
June 9, 2025
News Sports Sports News

දිනේෂ් රන් පදක්කම දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද (05) දිවයිනෙන් පිටත්ව යනවා.

මෙවර කී‍්‍රඩකයින් 08 දෙනෙකු සහ කී‍්‍රඩිකාවක් මෙම තරගාවලියට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වනවා. ශී‍්‍ර ලංකා පැරා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ හෙල්ල විසි කිරීමේ පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී දිනේෂ් පි‍්‍රයන්තයි.

ඔහු ඉකුත් 2007 වසරේ පැවති ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නා.

මෙවර තරගාවලියේදී තමන් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අපේක්‍ෂා කරන බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සඳහන් කළේ. ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය ලබන 07 වැනිදා ඩුබායිහිදී ආරම්භ වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ෆේස්බුක් හැර නොයනබව සකර්බර්ග් කියයි

Shiran Viraj

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

Shiran Viraj

වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…

Shiran Viraj