30 C
Colombo
May 24, 2026
Local NewsNews

සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..

සිංහලයාගේ ඡන්ද බලයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරන්නට එපා යැයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ කියා සිටිති.

මේ වන විට ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී අවසන් බව පවසන උන්වහන්සේ සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් වී එය නොතකමින් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළහ.

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයෙන් සලකා ඔවුන්ගේ දේහයන් එම ආගමානුකූලව භූමදානය කිරීමට කටයුතු කරන්නේ කුමන පදනමින්දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

මෙරට සෙසු ආගමිකයන් ද තම ආගමිකයන්ගේ දේහයන් ආදාහනය කරද්දි එම නීතියට අනුකූලව කටයුතු කළ බවද පැවසූ උන්වහන්සේ එක රටක් එක නීතියක් සංකල්පය අන්තවාදීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරති.

lankacnews

Related posts

දොස්තරලාට වැටුප් වර්ධකයක්.. ජනපති එකග වෙයි..

Shiran Viraj

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

Shiran Viraj

හෙක්ටයාරයකින් කෝටි හතරක්..

Shiran Viraj