31.1 C
Colombo
June 9, 2025
News Political

ඩයනා ගමගේ නෙරපා දමයි..

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් 20 වන ආණ්ඩු ගත්තා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගයේ විධායක කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා රැුස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා තිබිණි.

ඒ මහතා විසින් මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපා හැරීමේ තීන්දුව ගෙන ඇත.

එමෙන්ම 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් අනෙකුත් මන්ත්‍රීවරුන් හත් දෙනා සම්බන්ධව තීරණය ගැනීමේ බලය ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් වෙත පවරා තිබේ.

ඒ අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය සමගි ජනබලවේගයේ විධායක කමිටු වෙත දැන්විය යුතුය.

lankacnews

Related posts

මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..

Shiran Viraj

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

Shiran Viraj

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Shiran Viraj