27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

මෙරට කොරෝනා 18,000 පනී..

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (18) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය නිවේදනයක් ලෙස මහජනතාව වෙත නිකුත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 401 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 398 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි  විදේශීය මුහුදු ආරක්‍ෂකයින් 03 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 201 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 82 ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 32 ක් වශයෙන් වේ.

අද (18) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 14,564 ක් වේ. ඉන් පුද්ගලයින් 8,785 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර             –             3,059
කොළඹ මාළු වෙළඳපලේ පොකුර                    –           11,505

ඊයේ (17) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,074 ක් වන අතර ඉන් පුද්ගලයින් 12,209 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (17) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,799 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (18) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 404 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (18) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් කොළඹ 10, රත්මලාන, කිරුළුපණ, කොළඹ 2 සහ දෙමටගොඩ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව, අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (18) දින උදෑසන වනවිට, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

අද (18) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට එක් පුද්ගලයෙකු, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 289 සහ UL 1042 දරණ මගී ගුවන් යානය මගින් මුම්බායි සිට පුද්ගලයින් 07 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (18) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3,223 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (17) දිනය තුල PCR පරික්‍ෂණ 8,743 ක් සිදුකර ඇත.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

Related posts

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Shiran Viraj

ගෑස් සමාගම් රටම අන්දයි.. මිල වැඩි නොකරයි.. 12.5 සිලින්ඩර නෑ.. අඩු බරට පුරවා වෙන නමකින් එවයි..

Shiran Viraj

විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

Shiran Viraj