26.1 C
Colombo
September 20, 2026
Local NewsNews

ලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..

එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරත විය.

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම රැස්වීම පැවති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂක කිහිපයක නියෝජිතයින් සහභාගී වූහ.

පසුගිය දෙසැම්බර් මස 30 වනදා ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් කමිටුවක් පත කල බවට දෙමළ ජාතික සන්ධානයේ පාර් ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මාධ්‍යට පවසා තිබූ අතර එම කමිටු සාමාජිකයින් මෙලෙස සහභාගී විය.

අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ,

‘ ජනීවා මානව හිමිකම් සැසිවාරය වෙනුවෙන් පසුගිය සැසිවාරයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් කල යොජනා සම්බන්ධයෙන් දීර් ඝ වශයෙන් සාකච්ඡා කලා ඒ වගේම එම යෝජනා වලට අමතරව වෙනත් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කල කමිටු සාමාජිකයින් මෙලෙස රැස්වුනා ඉදිරියේදී පක්ෂ නායකයින් ඇතුලු කමිටු සාමාජිකයින් රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. යනුවෙනි

Related posts

කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..

Shiran Viraj

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර විශ්‍රාම ගනී

Shiran Viraj

2025 දෙසැම්බර් මාසයේ කොළඹ පාරිභෝගික උද්ධමනය 2.1% ක් ලෙස ස්ථාවරව පවතී

Shiran Viraj