27.7 C
Colombo
September 19, 2025
Local NewsNews

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ දක්වා සමාජ ව්‍යාප්තියක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සිදුකරන PCR පරීක්ෂණ වලින් 5% ක ප්‍රතිශතය ඉක්මවා රෝගීන් වාර්තා වූවොත් එය සමාජ පැතිරීමක් ලෙස හඳුන්වන බව ඔහු පවසයි.

නමුත් දැනට සිදුකරන PCR පරීක්ෂණවලින් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම 3.5%-4% බවද ඔහු පැවසීය.

ඒ අනුව මෙරට කොරෝනා සමාජය ව්‍යාප්තිය යන නිර්වචනය අනුව 1% කින් පමණ මෙපිට ඇතැයිද ඔහු සඳහන් කළේය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගනිමින් තවදුරටත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්යය මඬලට හැකිව ඇති බවද පවසන ඔහු ජනතාව මෙතෙක් ලබා දුන් සහාය තවදුරටත් අපේක්ෂා කරන බවද කියා සිටියේය.

Related posts

මාළු මිල ඉහලට…

Shiran Viraj

ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

Shiran Viraj

මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයි

Shiran Viraj