31.1 C
Colombo
June 9, 2025
Local News News

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

කොරෝනා ආසාදිත ව මෙරට ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකු මිය නොගිය බව පැවසීම සාධාරණ නැතැයි ආයුර්වේද කොමසාරිස් ධම්මික අභයගුණවර්ධන මහතා සඳහන් කරයි.

ආයුර්වේද රෝහල ප‍්‍රතිකාර ලබන රෝගීන් අසාධ්‍ය වුවොත් වෙනත් රෝහලට මාරුකර යවන බවත් ඒ මහතා පැවසීය.

එම අර්ථයෙන් ආයුර්වේද රෝහල්වලදී ආසාදිතයන් කිසිවෙකු මිය නොගිය බව සත්‍ය නමුත් එකී ප්‍රකාශයෙන් තවත් පිරිසකට සිත් රිදවීම් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා අසාධ්‍ය රෝගීන් බාර නොගන්නා බවත් සාමාන්‍ය සංකූලතා සහිත සුව කල හැකි රෝගීන් පමණක් භාර ගන්නා බව ඒ මහතා කියා සිටී.

කළමනාකරණය කළ හැකි රෝගීන් පමණක් භාරගන්නා විට මිය යාම ඉතාම අල්ප යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

මුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..

Shiran Viraj

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Shiran Viraj