31.1 C
Colombo
June 9, 2025
Local News News

මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසට ති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේ යැයි චෝදනාවක් මත ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

විශ්‍රාම පොලිස් නිලධාරියෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා හෝමාගම ගලවිල වත්ත මාවතේ පිහිටි තම නිවසට මෙසේ විදුලිය ලබාගෙන ඇත.

නගර සභාපති වරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවස ඉදිරිපිට රාත්‍රී කාලය පුරාම අධිබලැති විදුලි බල්බ දැල්වෙමින් ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙලිව ඇත්තේ ආසන්න විදුලි කණු වලින් හොර රහසේ විදුලි ලබාගෙන ඇති බවයි.

සිදුවීම පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Shiran Viraj

පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…

Shiran Viraj