33.4 C
Colombo
April 1, 2026
Local NewsNews

මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසට ති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේ යැයි චෝදනාවක් මත ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

විශ්‍රාම පොලිස් නිලධාරියෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා හෝමාගම ගලවිල වත්ත මාවතේ පිහිටි තම නිවසට මෙසේ විදුලිය ලබාගෙන ඇත.

නගර සභාපති වරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවස ඉදිරිපිට රාත්‍රී කාලය පුරාම අධිබලැති විදුලි බල්බ දැල්වෙමින් ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙලිව ඇත්තේ ආසන්න විදුලි කණු වලින් හොර රහසේ විදුලි ලබාගෙන ඇති බවයි.

සිදුවීම පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

Shiran Viraj

අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..

Shiran Viraj

මාරාන්තික MIS-C ළමා රෝගය ලංකාවේ පැතිරෙයි… රිජ්වේ රෝහලෙන් උපදෙස් මෙන්න..

Shiran Viraj