25.4 C
Colombo
July 26, 2025
Local NewsNews

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

රද්දොළුගම බස්නැවතුම්පොලේ අලුතින් ඉදිකර ඇති පොදු වැසිකිලියට අසූචි ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා මත පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව බස් නැවතුම් පොළ ආසන්නයේ තාවකාලිකව පදිංචි වී සිටින තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරයි.

එම අසූචි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ බස්නැවතුම්පොලේ සහ ඒ අවට විශාල පිරිසක් රැඳී සිට ඇතැයිද පොලිසිය කියා සිටියි.

වැසිකිලියේ දොරට සහ බිත්තිවලට එම අසූචි ප්‍රහාරය එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි.

අලුතින් ඉදිකර ඇති මෙම පොදු වැසිකිලිය මෙතෙක් විවෘත කර නොමැති බවත් ලබන දහ වැනිදා බස් නැවතුම්පල පොළ සහ පොදු වැසිකිලිය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව ඇති නමුත් වැසිකිලිය විවෘත කිරීමේ ප්‍රමාදය මත මෙම අසූචි ප්‍රහාරය එල්ල කර ඇති බව කාන්තාව පොලිසියට සඳහන් කර තිබේ.

Related posts

රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව අවසන්..

Shiran Viraj

SLPL පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශ හා කොරෝනා මර්දන බලකා අනුමැතිය ලැබේ..

Shiran Viraj

ඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..

Shiran Viraj