30 C
Colombo
July 2, 2026
Local NewsNews

ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…

රෝගී ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් රට පුරා රෝහල්වල ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා මෙම සතිය තුළ රෝහල් පද්ධතියම කඩා වැටීමෙන් අති භයානක තත්ත්වයක් නිර්මාණය වීමේ අනතුරක් ඇතැයි එම සංගමය අනතුරු අඟවා සිටී.

ඇති වී තිබෙන තත්ත්වය කොරෝනා වසංගත අවධියට වඩා දරුණු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රෝහල්වල නොමැතිවීම නිසා අනපේක්ෂිත ලෙස රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා දුරකථන මාර්ගයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී තිබීම බරපතල බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

Shiran Viraj

අතරමැදි ක්‍රියාකාරිත්වය හේතුවෙන් වෙළෙඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළට

Shiran Viraj

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj