29.5 C
Colombo
July 10, 2026
Local NewsNews

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට දින 16 කට පසු (26) දින ලද භුමිතෙල් ලිටර් 3300 බෙදා හැරිමේදි පාරිභෝගිකයන් යුධ හමුදා භට පිරිස් සහ හැටන් පොලිසියේ නිලධාරින් සමග අවස්තා කිහිපයකදි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

භුමිතෙල් මිල දි ගැනිමට තුන්දහසක පමණ පාරිභෝගිකයන් පිරිසක් (26) දින අලුයම 5 සිට පොලිම් වල රැදි සිටි අතර, ඉන්ධන පිරවුම්හලට ලද භුමිතෙල් සියළුම පාරිභෝගිකයන් අතර සමසේ බෙදි යාම සදහා යුධ හමුදාව සහ පොලිසිය විසින් එක් පාරිභෝගිකයෙකුට භුමිතෙල් ලිටර් 1 ½ (රු150) නිකුත් කිරිමට ගත් පියවර සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

පොලිමෙන් පිට පිරිසක් භුමිතෙල් මිල දි ගැනිමට උත්සහ කිරිමේදි පාරිභෝගිකයන් අතරද අවස්තා කිහිපයකදි උණුසුම් තත්ත්වයක් ඇති වු අතර,එම උණුසුම් තත්ත්වය පාලනය කිරිමට ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට යොදා තිබු යුධ හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් පියවර ගැණින.

ඇතැම් පාරිභෝගිකයන් පවුලේ සියළුම සමාජිකයන් සමග භුමිතෙල් මිල දි ගැනිමට පොලිමේ රැදි සිටිම නිසා ඒ පිලිබදව පොලිමේ රැදි සිටි තවත් පාරිභෝගිකයක් පිරිසක් ප්‍රශ්න කිරිම යාමේදි දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

– රංජිත් රාජපක්ෂ

Related posts

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

Shiran Viraj

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

Shiran Viraj

යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

Shiran Viraj