26.7 C
Colombo
July 6, 2026
Local NewsNews

ලෝක වෙලදපලේ ඉන්ධන මිල අඩුවුනත් ලංකාවේ අඩු කරන්න බැරි මෙහෙයුම් ගාස්තු වැඩි නිසා…

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 20 කින් පමණ පහළ ගොස් තිබුණත් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව මෙරටට ඉන්ධන ආනයනය කරන නිසා ප්‍රීමියම් (නෞකා, වරාය හා රක්‍ෂණ ගාස්තු) වැඩිපුර ගෙවීමට සිදුව තිබීමෙන් තෙල් මිල පහළ හෙළීමට නොහැකි වූ බව ලංකා ඛනිජතෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළි කළේය.

මෙලෙස අමතර ගෙවීම් (ප්‍රීමියම්) කිරීම නිසා මිල සූත්‍රයට එම කරුණු ඇතුළත් කළ පසු ලෝක තෙල් මිල පහළ යෑමේ වාසිය මෙරට ජනතාවට ලබාදීමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

විවිධ පාර්ශ්ව හරහා මෙරටට ඉන්ධන ආනයනය කරන බැවින් ප්‍රීමියම් ගෙවීම් (වරාය, රෂක්‍ණ සහ නෞකා) ලෙස තෙල් බැරලයකට ඩොලර් 22ක අමතර මුදලක් ගෙවීමට සිදුව ඇත. මීට පෙර ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ විධිමත්ව ඉන්ධන ආනයන කිරීමේදී බැරලයකට ගෙවා ඇත්තේ ඩොලර් 1.8ක ප්‍රීමියම් මුදලකි.

දූෂිත හා අවධිමත් ක්‍රියාවලින් බැහැරව ඉන්ධන ආනයනය කළේ නම් ලෝක තෙල් මිල පහළයෑමට සාපේක්‍ෂව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 97 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 93 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 93 කින්ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 92 කින්ද පහළ දැමීමට හැකියාව තිබු බව එම නිලධාරියා පැවසීය.

මීට පෙර මෙරටට ඉන්ධන ආනයන කළේ ලියාපදිංචි විදෙස් සමාගම් වලිනි. ඩොලර් හිඟය නිසා එම සමාගම්වලට මුදල් ගෙවීමට නොහැකි වීම නිසා විවිධ පාර්ශව හරහා ඉන්ධන නෞකා මිලදී ගැනීමට සංස්ථාවට සිදුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ශිරාන් රණසිංහ
– දිවයින

Related posts

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

Shiran Viraj

ධීවරයන්ට මසුන් සිටින තැන් සොයා දෙන නව ජංගම දුරකථන යෙදුමක් පිළිබඳව මතභේදයක්

Shiran Viraj

ක‍්‍රිකට් පුහුණුකරු හමුව ගාලගෝටියක් වෙයි.. ගහමරා ගන්න යයි.. මහේල උස් හඬින් බැණ වදී..

Shiran Viraj