26.7 C
Colombo
June 26, 2025
News Sports Sports News

ක‍්‍රිකට් සභාපති සුරූපිනියන් තිදෙනෙක් සමග පලමු පන්තියෙන් ඕස්ට්‍රේලියාවට… රහස් පොලිසියට පැමිණිලි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා කරමින් ඔහු කටයුතු කරන බවට එමගින් පැමිණිලිකරුවන් චෝදනා කරයි.

මෑතක දී අවසන් වූ ඕස්ට්‍රේලියාවේදී පැවති ලෝක කුසලාන තරගාවලියට ආයතනයේ මුදල් යොදවා කාන්තාවන් තිදෙනෙක් රැගෙන ගොස් ඇතැයිද එමෙන්ම එරට කැසිනෝ ශාලාවක ගැටුම්කාරී සිදුවීමට මැදිහත්ව ඇතැයිද පැමිණිලිකරුවන් කියා සිටිති.

අදාල කාන්තාවන් පළමු පන්තියේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර වලින් එරටට ගෙන ගොස් ඇති බවත් එහිදී ඔවුන් සඳහා විවිධ වියදම් දරා ඇත්තේ ද ශම්මි ද සිල්වා විසින් බවත් පැමිණිලිකරුවන් තවදුරටත් කියා සිටිති.

Related posts

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

Shiran Viraj

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Shiran Viraj

ඕනෑම වේලාවක අර්ජුන් අත්අඩංගුවට ගන්න පුළුවන්’ – නීතිපති

Shiran Viraj