29.3 C
Colombo
May 19, 2026
NewsPolitical

චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්..

‘චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 2024 විසර්ජන පනත් කෙටුම්පත (අය වැය)  කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

අයවැය විවාදය පුරාම අපිට ඇහුවෙ මේ විදේශ විනිමය අර්බූදය ගැන. අපේ ආනයන කරන්න ප්‍රමාණවත් ඩොලර් නෑ. අපේ අපනයන ආදායමෙන් ආනයන වියදම දරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ දැවැන්ත ණය කන්දක උරුමක්කරුවන් වුණේ. ඒ ණය ගෙවා ගන්න බැරිව අපි බංකොලොත් උනේ. අපේ ආනයන වියදම වැඩියි. අපනයන ආදායම අඩුයි කියලා අපි කතා වෙනවා. අපේ අපනයන වියදමෙන් සමහර මාස වල දී 25%ට වඩා වැය කරන්න සිද්ධ වෙන්නේ බලශක්ති ආනයනය කරන්න. එනම් ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස් මේ තුනට යනවා 25% ක ට වැඩියෙන්. හැබැයි මේ හමාස් ක්‍රියාකලාපයෙන් තෙල් මිල ලෝක වෙළෙඳ පොළේ වැඩි වෙනකොට අපි හඬා වැටෙනවා. අපි බියෙන් සලිත වෙනවා. ආයෙත් විදුලි කපන්න වෙයිද ? ආයි තෙල් පෝලිං එයිද ? අපිට ඩොලර් මදි වෙයිද ? කියන බය අපිට ඇති වෙනවා.

හරිනම් අපි තෙල් මිල ඉහළ යනකොට සැණකෙළි පවත්වන්න ඕන ජාතියක්. ඇයි ඒ ? මහා දැවැන්ත තෙල් හා ගෑස් නිධියක් අපේ පොළොව යට තියාගෙන අපි මේ ලෝකෙට ණය වෙවී හූල්ල හූල්ල පිටරටවලින් ණයට තෙල් ගනිමින් ජීවත් වෙනවා. මණ්නාරම් ද්‍රෝණියේ පමණක් ඇස්තමේන්තු කරල බැලුවම ඩොලර් බිලියන 300 වටින තෙල් සහ ගෑස් නිධියක් තියෙනවා. මා මේ ගැන පාර්ලිමේන්තුවට ලිඛිතව ඉදිරිපත් කලා. අපේ ආණ්ඩුවේ ණය ඩොලර් බිලියන 36යි. සමස්ථ ණය ඩොලර් බිලියන 53. මහපොළොව යට අපි තියාගෙන ඉන්නේ ඩොලර් බිලියන 300 ක්. ඕකෙන් බාගයක් ආණ්ඩුවට ලැබුණත් ඩොලර් මිලියන 150ක් අපිට තියෙනවා. අපේ ණය සියල්ලම ගෙවලා චීනේ වගේ අපිට අනිත් රටවලට ණය දෙන තත්වෙට එන්න පුලුවන්.

අපේ දේශසීමාව එහා පැත්තේ ඉන්දියාව තෙල් ගන්නවා. පසුගිය වසර 75ටම අපිට එක කරගන්න බැරි වුණා. මම ඇමැති ධුරය දැරුවේ මාස 18යි. ඒ කෙටි කාලය තුළදී මේ වැඩේට අත ගැහුවා. අවුරුදු 75ක් කරගන්න බැරි වුනු වැඩයට අතගැහුවා. අපි ඛණිජතෙල් නියාමනයට 2021 අංක 20 දරන පනත ගෙනාවා. ඛණිජතෙල් සම්පත් සංවර්ධන අධිකාරියක් හැදුවා. තෙල් ඉංජිනේරුවන් තුන්දෙනෙක් විදේශ රටවලින් ලංකාවට ගෙනවිල්ලා ඒ තනතුරු වලට පත්කලා. ස්භාවික වායු ප්‍රතිපත්තියක් හැදුවා. ඒ වගේම මේ ඛණිජතෙල් සංවර්ධණයට අදාල සිතියම හැදුවා.. තව ගොඩක් ලොකු ලයිස්තුවක් තිබෙනවා. අවාසනාවට මේ වැඩේ ඉස්සරහට යනව වගේ මට පේන්නේ නැ.

ඇමතිතුමාත් රාජ්‍ය ඇමතිතුමාත් ජවයක් තියෙන තරුණ ඇමතිවරු. මම එතුමන්ලාටත් කිව්වා මම දන්න දේකින් මම එතුමන්ලාට උදව් කරන්නම් ස්වේඡාවෙන් අනේ මේ තෙල් සම්පත ඉක්මනින් ගොඩ ගන්න කියලා. එතුමන්ලාට මේ කාර්යය ඉටු කරගන්න හැකියාව අවස්ථාව සහ බාධාවන් තොර වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

– Media unit

Related posts

චීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධය

Shiran Viraj

බදු බර නිසා අඩු මිලට මත්පැන් ලබා දීම අසීරු බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයි

Shiran Viraj

දිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන්

Shiran Viraj