August 1, 2026
BusinessBusiness NewsNews

අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්

මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් නොලැබුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අද වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන අානයනයට පහසුකම් සලසන ලෙස අවස්ථා ගණනකදී ඉල්ලීම් කරනු ලද බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඒ අනුව අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළත් කිසිදු සහනයක් හිමි නොවූ බවද ඔහු පැවසීය.

වසර හතරකින් මෙරටට වාහන ආනයනය කර නැතිවීමෙන් පාරිභෝගිකයන් මෙන්ම ආනයනකරුවන්ද දැඩි දුෂ්කරතාවයට මුහුණ පා ඇතැයි ද ඔහු සදහන් කරයි.

ලක්ෂ හතරකට අධික පිරිසකට මේ හේතුවෙන් රැකියා අහිමි වී ඇති බවත් පැවසූ ඔහු අයවැයෙන් පසුව හෝ සීමා සහිත වාහන යම් ප්‍රමාණයක් හෝ ගෙන්වීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

Related posts

ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…

Shiran Viraj

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

Shiran Viraj