33.4 C
Colombo
April 1, 2026
NewsSportsSports News

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

ක්‍රිකට් තහනම අවුරුදු පහක් පැවතුනද සම්පූර්ණයෙන් නවතා හෝ ක්‍රීඩාව ක්‍රමානුකූලව ගොඩ ගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

වත්මන් ක්‍රිකට් අර්බුදකාරී තත්වයේ දී තමන් සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාර්ශ්වයේ බව බවද ඔහු සඳහන් කළේය.

‘ක්‍රිකට් සභාපති එම ධුරයට පත් වුණාට පසුව ක්‍රිකට් කඩා වැටුණා කියලා අපිට දැනුණා. ක්‍රිකට් අද ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා අනුමැතිය ඇතිව පවුල් පිටින් විදෙස් සංචාර යනවා අපි දකිනවා. ඩොලර් ගණන් පඩි ගෙවනවා මේ රටට ඒවා දමා ගන්න අමාරුයි. ක්‍රිකට් තිබෙන්නේ එක එක අයගේ අවශ්‍යතා සපුරා ගන්න නෙවෙයි.

ක්‍රිකට් තහනම අවුරුදු පහක් ගියත් කමක් නෑ. මේක සම්පූර්ණයෙන්ම නවත්තලා හරි අවුරුදු පහ ඇතුලත ක්‍රමානුකූලව ගොඩ ගන්න ඕනෑ.

ව්‍යාපාරිකයෝ මෙවට රිංගගෙන ඉන්නවා. රට පුරා පිට්ටනියක්වත් නැති ක්‍රිකට් සංගම් තිබෙනවා. ඒ අයගේ ඡන්දෙ පිහිටෙන් ඕක ඇතුලට රිංගනවා.

මම මේ අවස්ථාවේ ඉන්නේ ඇමතිතුමාගේ පැත්තේ ඇමතිතුමා යම් යම් තීන්දු ගන්න බව පේනවා. ඒවා ඔක්කොම හරි කියනවා නෙවෙයි නමුත් ඇමතිතුමාට උනන්දුවක් තිබෙනවා ක්‍රිකට් ගොඩ ගැනීමට කටයුතු කරනවා පේනවා. එනිසා මම ඒකට සහයෝගය දෙනවා’

ඔහු මෙම අදහස් පළ කළේ කැළණියේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි.

Related posts

මාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලි

Shiran Viraj

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

Shiran Viraj

රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයි

Shiran Viraj