31.1 C
Colombo
June 9, 2025
Local News News

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු විදුලි පරිභෝගිකයන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන් හෙළි කරන්නේ මෙරට සමස්ථ විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය ලක්ෂ හැත්තෑ එකක් බවයි.

මෙතෙක් මාස දෙකක් හෝ බිල්පත් නොපියවා යම් කාල සීමාවක් යනතුරුම රතු බිල්පත් නිකුත් කිරීමක් සිදු නොවීය.

නමුත් මහා භාණ්ඩාගාරයෙන් විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් පූර්ණයෙන් නොකිරීම නිසා මන්ඩලය ආදායම් එක්රැස් කරගැනීමට ලැබී ඇති උපදෙස් පරිදි මාසයක් තුළ බිල නොගෙවන අයටද රතු නිවේදන යවමින් සිටියි.

එමෙන්ම සෑම මසකම ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

Related posts

අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්

Shiran Viraj

හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

Shiran Viraj

දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති

Shiran Viraj