28.4 C
Colombo
July 9, 2026
BusinessBusiness NewsNews

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් හා වර්තමාන තත්ත්වය හමුවේ  ඉදිරියේදී එළවළු මිල තවත් වැඩි වන බවත් , මැයි මාසයෙන් පසුව එළවළු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බව කියා සිටියේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශනයක් කරමිණි.

මෙහිදි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමානයේ එළවළු මිල තීරණය කරන්නේ ආර්ථික මධ්‍යස්ථානයෙන් නොවන බවත්, ගොවින් පවසන මිලට ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් විසින් එලවළු මිල දි ගන්නා බවයි.

මිල ඉහළ ගිය සැම එළවළුවක්ම ගොවින් බොහෝ පිරිසක් දැන්  වගා කිරිමට පටන්ගෙන ඇති බවත්, එසේ වගා කරනු ලබන්නේ එකම එලවළු වර්ග කිහිපයක්  නිසා ඉදිරියේදි එම එලවළු කිලෝවක් රුපියල් විස්සටකවත් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි.

– රංජිත් රාජපක්ෂ

Related posts

YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්

Shiran Viraj

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..

Shiran Viraj

තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයි

Shiran Viraj