26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

එන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…

නුදුරේදීම ජනාධිපතිවරණය පැවත්වෙනු ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද සියල්ලට පෙර මහමැතිවරණය පැවැත්වෙනු ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දීර්ඝ කාලීන හිතවතෙකු ලෙස ඔහුගේ තීරණ පිළිබඳ තමන්ටද යම් අවබෝධයක් ඇතැයි සඳහන් කරන කිරිඇල්ල මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමට ජනධිපතිවරයා කටයුතු කරනු ඇති බව තමන් විශ්වාස කරන බවය.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මහමැතිවරණය කල් තියා පැවැත්වීමෙන් ජනාධිපතිවරයා විශේෂ දේශපාලන වාසියක් ලබාගැනීමට බලාපොරොත්තුවන බව තමා විශ්වාස කරන බව ද ඔහු මෙහිදී සඳහන් කරයි.

Related posts

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Shiran Viraj

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

Shiran Viraj

කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක…

Shiran Viraj