31.1 C
Colombo
June 9, 2025
Local News News

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු වේ.

එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප‍‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

තව ද අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසට අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

මාධ්‍ය ඒකකය

Related posts

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

Shiran Viraj

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

Shiran Viraj

අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..

Shiran Viraj