27 C
Colombo
July 27, 2025
Local NewsNews

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය.

මෙසේ බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලැබුවේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් යන අයටයි.

චුදිත 2010.01.01 – 2010.01.31 අතර දිනයක අවු 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑලිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.

මහාධිකරණ විනිසුරුවරයා චුදිතට රු පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කල අතර , එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලය තවත් මාස තුනක් දක්වා දිර්ඝ කිරිමටත් , වින්දිතියට රු ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවිමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක කාලයක් සිර දඩුවම් ලබාදිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටිහ.

– රංජිත් රාජපක්ෂ

Related posts

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj

අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj