31.1 C
Colombo
June 9, 2025
Local News News

මන්ත‍්‍රීලාට වාහන බලපත් දෙන්න අනුමැතිය..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුගේ අත්සනිනුත් ලිපියක් කතා නායකවරයා වෙත භාරදෙමින් ඉල්ලා තිබුණේ රාජ්‍ය සේවයේ ඉහළ විධායක නිලධාරීන්ට ලබා දෙන පහසුකම් වලට සමාන වන ලෙස තමන්ටද බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන ලෙසයි.

ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමගම එය එය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කතානායකවරයා විසින් ලිපියක් මගින් දැනුම් දීමට නියමිතව තිබේ.

Related posts

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලා

Shiran Viraj

හුණුපිටියේ කඩ පෙළක් ගිනි ගනියි-හිතාමතා සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

Shiran Viraj

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

Shiran Viraj