31.1 C
Colombo
June 9, 2025
News Political

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

දෙසැම්බර් මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා මෙම වසරේදී එම මැතිවරණය පැවැත්වීමට අවස්ථාවක් නැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වන විට විවිධ හේතුන් නිසා දේශපාලනය අතහැර හෝ විදෙස්ගත වී ඇති අතර ඇතැම් අපේක්ෂකයන් මිය ගොස් තිබේ.

මෙම තත්ත්වය මත එම මැතිවරණයට නැවත නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගැනීමටද රජයේ අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත් එම මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබේ.

Related posts

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

Shiran Viraj

දශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්

Shiran Viraj

පාර්ලිමේන්තු බහුතරය ලැබෙන තෙක් පරණ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ගෙනියන්න වෙනවා..

Shiran Viraj