28.4 C
Colombo
August 21, 2026
NewsPolitical

නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) හරහා අරමුදල් ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් පාර්ශව සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළයුතු බවයි.

පහතින් දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ට්විටර් පණිවිඩයයි.

‘ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය, බටහිර මාධ්‍ය සමඟ මතභේදාත්මක කේන්ද්‍රස්ථානයකට පැමිණ ඇති අතර, මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල අවුල් සහගත හා අස්ථාවරත්වයක් ඇති කිරීමට යොදාගත් බවට චෝදනා කරයි.

ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක අරමුදල් සහ ප්‍රදාන ලැබිණි. රාජ්‍ය නොවන සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් මෙම අරමුදල් සෘජුවම ලබාගත් අතර දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් යන සියල්ලන්ම USAID ආයතනයෙන් ප්‍රතිලාභ ලබාගත්හ.

ඔවුන් තම ප්‍රදාන සහ ආධාර හරහා බොහෝ අංශවලට විවිධාංගීකරණය වී ඇත. එහෙත් මෙම අරමුදල් භාවිතා කළ ආකාරය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැත.

USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. ඒවායින් ප්‍රතිලාභ ලැබූ මෙම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් සැපයීම සඳහා වන රෙගුලාසි වසර ගණනාවක් තිස්සේ යෝජනාවී තිබුණත් ඒවා තවමත් ක්‍රියාත්මක කර නොමැත. විනිවිදභාවය පවත්වාගැනීම සඳහා මෙම රෙගුලාසි ගෙන එන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි.’

Related posts

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Shiran Viraj

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Shiran Viraj

‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..

Shiran Viraj