26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

‘Clean Sri lanka’ පාසල් හමුදාවට බාර දෙයි..

රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව ඉකුත් 20 වැනිදා සිට දිවයින පුරා පිහිටි පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් යුද්ධ හමුදාවේ දායකත්වය ඇතිව ආරම්භ කළේය.

ඒ අනුව මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය හා තාක්‍ෂණික සහය ලබාදුන් අතර, දිවයින පුරා පිහිටි පාසල් 87ක පිරිසිදු කිරිමේ හා අලුත් වැඩියා කිරීමේ කටයුතු අවසන් කර ඇත.

මෙම වැඩසටහන මගින් පාසල් වල විනාශවී තිබු මායිම් වැටවල් අලුත්වැඩියා කිරීම, ගොඩනැගිලි වල වහල පිලිසකර කිරීම, ඩෙස් පුටු අලුත්වැඩියා කිරීම, හා අනෙකුත් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරයි. ඒ සඳහා පාසල් ගුරුවරුන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන්ගේ සහායද යුද්ධ හමුදාව වෙත ලබා දෙන ලදී .

Related posts

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Shiran Viraj

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

Shiran Viraj

කලබල වෙන්න එපා!”ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා”

Shiran Viraj