30.6 C
Colombo
May 24, 2026
Local NewsNews

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

2025.04.01 වන දින රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් නිලධාරීන් විසින් සැකකරු රෝහල් ගත කිරීමෙන් පසු මිය යෑමේ සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන නිර්දේශ 2025.04.06 වන අද දින වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනයට කැබිනට් අනුමැතිය

Shiran Viraj

ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාර

Shiran Viraj

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj