February 2, 2026
NewsPolitical

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප‍්‍රංශ පුවත් සේවය පවසයි.

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ වර්ධනය සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම මෙම ණය මුදලේ අරමුණ බව ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා කොළඹදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

‘ආර්ථිකය ස්ථාවර කිරීම සහ වර්ධනය නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රගතියක් ලබා ඇති අතර, රැකියා උත්පාදනය සඳහා මූලික අංග ක්‍රියාත්මක වෙමින් පවතී’ යනුවෙන් බංගා විසින් නිකුත් කල ප්‍රකාශයේ සඳහන්ය.

Related posts

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

Shiran Viraj

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Shiran Viraj

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Shiran Viraj