November 4, 2026
Local NewsNews

හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් කැඳවීම්

නීති විරෝධී ලෙස ධනය රැස් කර ගත් බවට චෝදනා මත හිටපු අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර, වඩිවෙල් සුරේෂ් සහ සාගල රත්නායක යන මහත්වරුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් කැඳවා තිබේ.

මෙම අමාත්‍යවරුන් තිදෙනාට අමතරව තවත් දේශපාලඥයන් 26 දෙනෙකුට එරෙහිව මෙම පරීක්ෂණ සිදු කෙරේ. ඒ අතර හිටපු ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු ද සිටින බව වාර්තා වේ.

නීත්‍යානුකූල ආදායම් මාර්ග ඔප්පු කළ නොහැකි වත්කම් රාජ්‍ය සන්තක කරනු ඇති බවත්, අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් විමර්ශකයෝ පවසති. මෙම ඒකකය මාසයක පමණ කාලයක සිට මෙම විමර්ශන පවත්වන අතර, දැනටමත් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Related posts

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්

Shiran Viraj

විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කිරීම නිසා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින් 150,000ක් අමාරුවේ

Shiran Viraj

අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේ

Shiran Viraj