April 6, 2026
Local NewsNewsPolitical

උගන්ඩාවේ ඇතැයි කියන ඩොලර් බිලියන 18 ගෙන ඒමට මේ සුදුසුම මොහොතයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව දැවැන්ත ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී, උගන්ඩාවේ සඟවා ඇති බවට කියන ඩොලර් බිලියන 18ක මුදල ලංකාවට ගෙන ඒමට මෙය ඉතාමත් සුදුසු කාලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙම මුදල ගෙන ඒමට හැකි වුවහොත් ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික සහ ආපදා අර්බුදයන් පහසුවෙන් විසඳා ගත හැකි වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලිය සඳහා තම සහාය අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට තමන් සූදානම් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. අවශ්‍ය වන්නේ නම් දිවුරුම් ප්‍රකාශයක් හරහා වුවද සිය කැමැත්ත ලබා දීමට සූදානම් බවත්, අදාළ සියලු මුදල් රජයට ලබා දීමට තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ පසුගිය රජයන් සමයේ එල්ල වූ චෝදනා සහ වත්මන් රජය මුහුණ දී ඇති අභියෝග පිළිබඳව අදහස් දක්වමිනි.

Related posts

කොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

Shiran Viraj

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

Shiran Viraj

නාමල් රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

Shiran Viraj