25.6 C
Colombo
January 27, 2026
Local NewsNews

මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඇප මත නිදහස්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇප මත නිදහස් කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය පියවර ගෙන ඇත.

සාපරාධී බිය ගැන්වීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය පොලිසිය විසින් මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු මන්ත්‍රීවරයාට එරෙහිව කළ පහරදීමේ පැමිණිල්ල අධිකරණ වෛද්‍ය වාර්තා මඟින් තහවුරු නොවීමත්, එම පැමිණිල්ලේ බරපතළ පරස්පරතා පැවතීමත් හේතුවෙන් අසත්‍ය පැමිණිල්ලක් කිරීම සහ අපරාධමය බියගැන්වීම් යටතේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.

Related posts

අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…

Shiran Viraj

කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..

Shiran Viraj

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Shiran Viraj