28.6 C
Colombo
May 20, 2026
Local NewsNews

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් වූ කාලසීමාව පිළිබඳව විමර්ශන

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ වී වසර හයක් පමණ ගත වී ඇති පසුබිමක, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අදාළ මතභේදාත්මක වෙබ් අඩවි ලිපිනය ඇතුළත් කර ඇත්තේ කුමන කාලසීමාවකදී ද යන්න පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ අවධානය යොමුව තිබේ. මෙම මොඩියුලය මුද්‍රණය කර ඇත්තේ එම ආයතනයේ ශාස්ත්‍රීය සභාවේ අනුමැතිය යටතේ වුවද, 2024 අගෝස්තු මාසයේදී නිකුත් කරන ලද අතුරු වාර්තාවක මෙවැනි කරුණක් පිළිබඳව කිසිදු සඳහනක් නොතිබූ බව වාර්තා වේ.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින්, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කළ නොහැකි බව ජාතික අධ්‍යාපන ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ මහත්මිය සඳහන් කළාය. විමර්ශනවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ මෙම වෙබ් අඩවි ලිපිනය මුල් ප්‍රතිසංස්කරණ අවධියේදීම ඇතුළත් වූවක්ද, නැතහොත් මෑතකදී සිදුවූ එක් කිරීමක්ද යන්න හඳුනා ගැනීමයි.

මේ අතර, අදාළ මොඩියුල සකස් කිරීමේ වගකීම දැරූ නිලධාරියාට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බවට විගණන වාර්තාවක් මගින් මීට පෙර පෙන්වා දී තිබුණද, ආයතනය හෝ අමාත්‍යාංශය ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ගුරු සංගම් දැඩිව චෝදනා කරයි.

Related posts

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට බිය වද්දා කප්පම් ගැනීම් ඉහලට..

Shiran Viraj

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

Shiran Viraj

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයට බදු ඉවත් කල යුතුමයි.. නමුත් IMF නිසා කරන්න බෑ..

Shiran Viraj