26.7 C
Colombo
September 20, 2026
Local NewsNewsPolitical

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අනුව, අදාළ සිදුවීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

නිසි විමර්ශනයක් මගින් කරුණු තහවුරු වන තෙක් කිසිදු පාර්ශ්වයකට සෘජුව චෝදනා කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා, විශේෂයෙන්ම මෙම මොඩියුලයේ සෝදුපත් බැලූ කණ්ඩායම ඇතුළු අදාළ අංශ කිහිපයක් පිළිබඳව විමර්ශනවලදී දැඩි අවධානය යොමු කරන බව පැවසීය.

අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ, මෙම වැරදි වෙබ් අඩවි නාමය ඇතුළත් කිරීම පිටුපස කිසියම් බාහිර බලපෑමක් හෝ කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව අමාත්‍යාංශයට සාධාරණ සැකයක් පවතින බවයි. සෝදුපත් බැලීමේ ක්‍රියාවලියේදී මෙවැනි බරපතළ වරදක් මඟ හැරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

Related posts

තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාව

Shiran Viraj

ඥාණසාර හිමිට ජනපති පොදු සමාව දෙන්නැයි හිස්බුල්ලා ඉල්ලයි

Shiran Viraj

තවත් කැබිනට් ඇමතිවරයෙක්..?

Shiran Viraj