February 16, 2026
Local NewsNews

කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේ

කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව සහ ළමා වාට්ටුව ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. රජයේ අරමුදල් යටතේ රුපියල් ලක්ෂ 125ක පිරිවැයක් දරා මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ මෙම සංවර්ධන ව්‍යාපෘති නිම කර ඇත. මීට අමතරව රෝහලේ ප්‍රධාන අවශ්‍යතාවන් ලෙස පැවති නව මුළුතැන්ගෙය සහ අලුත්වැඩියා කරන ලද වෛද්‍ය නිලධාරී නිල නිවස ද මෙහිදී අමාත්‍යවරයා අතින් විවෘත විය.

රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන් සහ ඉදිරි සැලසුම් පිළිබඳව ආයතන භාර වෛද්‍ය නිලධාරී යුරේෂ් ප්‍රනාන්දු මහතා විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. ශ්‍රී ලාංකීය සෞඛ්‍ය නාමය ජාත්‍යන්තරයට ගෙනයාමේ වැදගත්කම පෙන්වා දුන් වෛද්‍යවරයා, විදෙස් සංචාරකයින් ඉලක්ක කරගත් සෞඛ්‍ය සේවා සැපයීමේ ජාතික අවශ්‍යතාව ද අවධාරණය කළේය. කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා රෝහල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 800ක මුදලක් වෙන් කර ඇති බවත්, ඉන් 98%ක්ම මේ වන විට සාර්ථකව වියදම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පෙර රජයන් ආරම්භ කර අතරමඟ නතර වී තිබූ ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ගෙනයාම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රජය රෝහල් සංවර්ධනය සඳහා වෙන් කරන මුදල් කිසිදු අවභාවිතයකින් තොරව නිසි පරිදි යෙදවීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන බව සහතික කළ ඔහු, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ඉදිරි වසර 03 තුළ සැමගේ සහයෝගය ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධනුෂ්ක රංගනාත් සහ සංජීව රණසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related posts

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

Shiran Viraj

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට බිය වද්දා කප්පම් ගැනීම් ඉහලට..

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

Shiran Viraj