April 3, 2026
Local NewsNews

පොරොන්දුවක් මත තැපැල් වර්ජනය අත්හිටුවයි

අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ,අදාළ වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා සමග ඉකුත් දින දෙකේ දී පැවති සාකච්ඡාවල දී එළඹි තීරණයන් පදනම් කර ගනිමින්.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට තැපැල් වර්ජනයක් ආරම්භ කිරීමටයි තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබුණේ. ඒ අනුව පැවති සාකච්ඡාවල දී එළඹි තීරණ කවරේදැයි නෙත් නිවුස් ඔවුන්ගෙන් විමසීමක් කළා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ කඩිනමින් විසඳුම් ලබා දෙන බවත් මැතිවරණය නිම වූ වහාම විසඳුම් ලබා දෙන බවට වූ පොරොන්දුව මත මෙම වර්ජනය අත්හැරීමට පියවර ගත් බවයි.
සුපුරුදු පරිදි තැපැල් ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා සිය දායකත්වය ලබාදෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. තැපැල් ඡන්ද පත‍්‍රිකා හෙට (11) තැපෑලට භාරදීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj

තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාව

Shiran Viraj