January 29, 2026
Local NewsNews

බැඳුම්කර වාර්තාවේ මොකුත් නැහැ ! : ” එජාපයට ආවාසි කොළ ඉවත්කරලා’ – ඒකාබද්ධය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බැඳුම්කර කොමිසම් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බරපතල අවාසි සහගත කරුණු නොමැතිවීම ගැන ඒකාබද්ධ විපක්ෂය බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එම තත්වය යටතේ, එජාපයට අවාසි සහගත කොටස් පාර්ලිමේන්තුවට ලබාදී ඇති වාර්තාවෙන් ඉවත්කර ඇතිබව පවසමින් ඒකාබද්ධය මාධ්‍ය ප්‍රචාරයක් දියත්කර තිබේ.
‘ඉරිදා මව්බිම’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කර ඇති ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවේ ඉතා වැදගත් තොරතුරු රාශියක් වසන් කර ඇති බව එම වාර්තාවේ පිටු 100කට වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමෙන් පෙනී යන බව කියා සිටියි.
ජනාධිපතිට දුන් මුල් පිටපත ඉල්ලයි :
ඒ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) දිනයේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට ද එක්වෙමින් පැවසුයේ, එජාපයට ආවාසි වෙන කොළ බැඳුම්කර වාර්තාවෙන් ඉවත් කර ඇති බවට බරපතල සැකයක් මතුව ඇති බවයි.
එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.
”අපිට සැකයක් ඇති වෙලා තිබෙනවා එජාපයට ආවාසි වෙන කොළ මේ වාර්තාවෙන් ඉවත් කළා කියලා. සංශෝධනයෙන් තොර ජනාධිපතිවරයාට භාරදුන් මුල් වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට පෙර අපට ලබාදෙන්න කියන ඉල්ලීම ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා ඉල්ලා සිටිනවා හරි වාර්තාව දීලා වහාම මේ බැඳුම්කර වාර්තාව පිළිබඳව අවම දින දෙකක්වත් විවාදයක් දෙන්න කියලා.
අගමැතිට එරෙහි විශ්වාසභංගය :
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අභියෝගයක් ..
අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට අපේ මන්ත්‍රිවරුන් අස්සන් තබලා තියෙන්නේ. අපි ඒක භාරදෙන්නේ බැඳුම්කර වාර්තාවේ තියෙන දේත් එක්ක වඩාත් සාක්ෂියක් ලෙස ගත හැකි කරුණු සමඟ සංසන්දනය කරලා. තවමත් හරි වාර්තාව ලබාගැනීම සිදු වුණේ නැහැ.
ජනවාරි 23 පාර්ලිමේන්තුව රැස්වුණාට පස්සේ අපිට විශ්වාසභංගය භාරදෙන දිනය ගැන තීරණයක් ගන්න පුළුවන්.
මේ විශ්වාසභංගය භාරදුන් පසු අපිට බලාගන්න පුළුවන් බුලත් කොළයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය පදනම් කරගෙන පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රිවරුන් සැබැවින්ම සිටින්නේ එජාපය පැත්තේද රටේ ජනතාවගේ පැත්තේද කියලා.”
Courtesy : srilankamirror.com

Related posts

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Shiran Viraj

ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති

Shiran Viraj

මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටී

Shiran Viraj