28.9 C
Colombo
July 13, 2026
NewsPolitical

එජාපයේ හොඳම ප්‍රතිශතය මරික්කාර්ගෙන් !

පසුගියදා පැවති පළාත් පාලන මැතිවර‍ණයේදී ලැබී ඇත්තේ කෘත්‍රීම ඡන්ද ප්‍රතිඵලයක් බවත් තවමත් පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය ඒ ආකාරයෙන්ම සුරැකිව පවතින බවත් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාව ආසන සංවිධායක එස්.එම් මරික්කාර් මහතා පවසයි.
මෙවර මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ 45% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තද එක්සත් ජාතික පක්ෂය‍, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය ලබා ගත් සියලු ඡන්ද ප්‍රමාණය සැලකීමේදී 2015 ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය ඒ ආකාරයෙන්ම සුරැකිව පවතින බව ඔහු පෙන්වා දෙයි.
මේ මහින්දගේ පුද්ගලික ප්‍රතිඵලය ?
මෙම මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකව මෙහෙය වූ බවත් ඔහුගේ රුව යොදා ගනිමින් අපේක්ෂකයන් ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ බවත් පවසන මන්ත්‍රීවරයා වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඒ ආකාරයෙන් මෙම මැතිවරණය පුද්ගලික මැතිවරණයක් බවට පත්කර නොගත් බවද කියා සිටියේය.
මේ අතර මරික්කාර් මහතා කොළොන්නාව ආසනය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳවද “ශ්‍රී ලංකා මිරර්” සමඟ මෙසේ කියා සිටියේය.
” මෙම මැතිවරණයෙදී ජනතාව පසුගිය අවුරුදු දෙකක කාලය තුළ දූෂණයෙන් භීෂණයෙන් තොරව වැඩ කළ මන්ත්‍රීවරයෙක් විදියට මට හිමි ජයග්‍රහණය ලබා දීලා තියෙනවා. ඒ නිසා කොළොන්නාව නගරසභාව අති විශිෂ්ට ජයග්‍රහණයකුත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව තුළ එක්සත් ජාතික පක්ෂය, ඉතිහාසයේ නොගත් ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන ජයග්‍රහණය කරා”.
“රටේම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 32% ක් වෙද්දී කොළොන්නාවේ ඡන්ද ප්‍රතිශතය 43% ක් වෙලා තියෙනවා. අපි කොළොන්නාව නගර සභාවේ බලය තනියමත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික නිදහස් සන්ධානයත් සමඟ එක්ව හවුලේත් පිහිටුවනවා. ජනතාවට අපි සැලකුවොත් ජනතාව අපි සමග ඉන්නවා කියන එකත් මම මතක් කරන්න ඕන”. යැයි පැවසීය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

Shiran Viraj

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Shiran Viraj

ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Shiran Viraj