31.1 C
Colombo
June 9, 2025
News Political

“සන්ධාන ආණ්ඩුව බිඳ දමා තනි ආණ්ඩුවක් ඇති කළොත්” – නීතිවේදීන් නීතිය පෙන්වයි

සන්ධාන ආණ්ඩුව බිඳ දමා කිසියම් කණ්ඩායමක් තනි ආණ්ඩුවක් පිහිටවුවහොත් එම ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කිරීමට සිදුවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් ඒ සඳහා විධිවිධාන සලසා ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිවේදී මේනක හරන්කහ වැඩි දුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙසේ සඳහන් වුවද ප‍්‍රායෝගික භාවිතයේ ඇතිවිය හැකි වෙනස් තත්ත්වයන්ද තිබෙන බවයි.
එහිදී සඳහන් කෙරුණේ “යම්කිසි ආකාරයකින් නිර්මාණය කෙරෙන ආණ්ඩුව තනි පක්ෂයකට තනි බලයක් ලබා ගැනීමේ පවතින දුෂ්කරතාවය නිසා අනෙකුත් පක්ෂවල එකතුවකින් සිදු වුණොත් එය යම්කිසි අවස්ථාවක ජාතික ආණ්ඩුවක් ලෙස නිර්වචනය කිරීමට ඉඩ තියෙනවා. එවන් අවස්ථාවකදී  ඔවුන්ට ආසන වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා.” යනුවෙනි.
ජාතික ආණ්ඩුවක් යනු කුමක්දැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් පැැහදිළිව අර්ථ දක්වා නොමැති බවද නීතිවේදී මේනක හරන්කහ කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

Shiran Viraj

රුපියල අදත් පල්ලමේ..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..

Shiran Viraj