31.1 C
Colombo
June 9, 2025
Local News News

පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, මැතිවරණයෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව ය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික සංඛ්‍යාවට ඉඩකඩ ප්‍රමාණවත් වන පිරිදි එක් එක් පළාත් පාලන ආයතනවල ඉඩ පහසුකම් වැඩි කිරීම ද ආරම්භ කර ඇති බව පද්මසිරි මහතා සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

මෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයි

Shiran Viraj

ස්ථාවර නියෝග, නීති කඩනවා..කතානායක එක්ක වැඩ කරන්න බෑ..මං අස්වෙනවා- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj

ජවිපෙ අද සේනාධිපතිගේ ප‍්‍රචාරක අංශය වෙලා.. චම්පිකගෙන් අනුරට විවාදයකට එන්නැයි අභියෝගයක්..

Shiran Viraj