April 7, 2026
Local NewsNews

කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයි

අපවත්වී වදාළ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ  ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රියෙත් ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ තිබේ.
දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර සෙනසුරාදා රාත්‍රියේ කොළඹ පෞද්ගලික මල් ශාලාවක සිට රිය පෙරහැරකින් දේහය සම්බෝධි විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ අතිපූජ්‍ය දරණාගල කුසලධම්ම නාහිමියන් පසුගිය සෙනසුරාදා අළුයම අපවත් වුණි.
අපවත්වන විට 54 හැවිරිදි වියේ පසු වූ උන් වහන්සේ මෙරට ප්‍රථම බෞද්ධ නාලිකාව ආරම්භ කිරීමෙහිලා සුවිශාල මෙහෙවරක් ද සිදු කරනු ලැබීය.
අපවත්වී වදාළ දරණාගල කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොත්මලේ ජලාශ වාන් දොරටු පිළිබඳ කටකතා අසත්‍යයි: දත්ත මත තීරණ – මහවැලි අධිකාරිය

Shiran Viraj

ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..

Shiran Viraj

පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය ඉවත් කර ගැනීම සාධනීය පියවරක් බව ලංකා ගුරු සේවා සංගමය පවසයි

Shiran Viraj