28.9 C
Colombo
April 1, 2026
International NewsNews

සෞදි රජුගේ නවතම පෙරළිය – වසර 35 කට පසුව සෞදියට එන සිනමා වසන්තය

වසර 35 කට පසුව සෞදී අරාබියේ පළමු සිනමා ශාලාව අප්‍රේල් මස 18 වෙනිදා විවෘත කිරීමට නියමිතව තිබෙන බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා. එමෙන්ම ඉදිරි වසර පහක කාලය තුලදී සෞදි අරාබිය තුල තවත් සිනමාශාලාවන් 40 ක් විවෘත කිරීමට නියමිතව තිබෙන බවයි එම වාර්තා වලින් සඳහන් වන්නේ.
අප්‍රේල් මස 18 වෙනිදා විවෘත කිරීමට නියමිත සිනමාශාලාවේ පළමුවෙන්ම ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙන්නේ Marvel’s superhero චිත්‍රපටයක්  වන “Black Panther” බවයි වාර්තා වන්නේ.
දැඩි ඉස්ලාමිය නීති පද්ධතියක් තුල පාලනය වන සෞදි අරාබිය තුල මිට පෙර පැවති සිනමාශාලාවන් 1970 වසරේදී වසා දැමීමට එවකට සිටි ඉස්ලාමිය පුජකවරුන් නියෝග කර තිබෙනවා.
සෞදී අරාබිය තුල ප්‍රසිද්ධ සිනමාශාලාවන් නොතිබුණු අතර අප්‍රේල් මස 18 ට පසුව එම තත්වය වෙනස් වෙනු ඇති බවයි මෙම සිනමාශාලා ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන AMC Entertainment Holdings (AMC.N) සමාගම ප්‍රකාශ කර සිටින්නේ. ” අප මෙවර විවෘත කරන සිනමාශාලාවේ ආසන 500 ක් තිබෙනවා. ඒ වාගේම වාදක කණ්ඩායම් සහ සංගීත ප්‍රසංග පැවැත්විමේ හැකියාවක්ද පවතිනවා” යැයි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා සඳහන් කරනවා.
මිලියන 32 කට අධික ජනගහණයක් සිටින සෞදි අරාබියේ බහුතරයක් වයස අවුරුදු 30 ට අඩුවන වයස් සිමාවේ සිටින අය නිසා ඔවුන්ගේ සිනමා රසාස්වාදය වෙනුවෙන් 2030 වසර වෙනුවෙන් සිනමාශාලාවන් 350 ක් විවෘත කිරීමට සිදුවන බවයි AMC සමාගම සඳහන් කරන්නේ.
සෞදි අරාබිය තුල මෙවැනි වෙනස්කම් ඇතිවීමේ ප්‍රධානතම කරුණ වන්නේ වත්මන් ඔටුන්න හිමි කුමරු වන මොහොමඩි බින් සල්මාන් විසින් එරට ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම සඳහා ගෙන ඇති තීරණයයි. ඔහුගේ අරමුණ වන්නේ ඉන්ධන මත යැපෙන සෞදි අරාබියේ ආර්ථිකය වෙනසකට ලක් කර රට තුලට විදෙස් ආයෝජකයින් ගෙන ඒමයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඥාතින් භාර නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරූ රජයේ වියදමින් ආදාහනය කරයි

Shiran Viraj

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Shiran Viraj

දෙමල ජනතාව වෙනුවන් බලය බෙදා දෙනවා..- GL පීරිස් ඉන්දියාවේදී…

Shiran Viraj