July 3, 2026
Local NewsNews

සිගරට් පෙට්ටියේ ඉතිරි සියයට විස්සටත් නව නීති

දුම්කොළ නිෂ්පාදනය සඳහා අවර්ණ (සම්මත) ඇසුරුම්කරණය හඳුන්වාදීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සැලැසීම සඳහා ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දුම්පානය අධෛර්යමත් කිරීමේ උපක්‍රමයක් වශයෙන්, සියලුම දුම්කොළ නිෂ්පාදනය ඇසුරුම්වල ආකර්ශනීය බව අඩුවන පරිදි මෙම සම්මත ඇසුරුම්කරණය හඳුන්වාදීමට යෝජනාවී ඇත.
ඒ අනුව ඉදිරියේදී රජය විසින් අනිවාර්ය කර ඇති සියට 80%ක රූපමය අවවාදය ඇතුළත් කළ විට දුම්වැටි ඇසුරුම්වල ඉතිරි 20% සඳහා මෙම නව නීති බලපානු ඇත.
එයට අවශ්‍යපරිදි පනත සංශෝධනය කිරීමට හා රෙගුලාසි පැනවීමට අවශ්‍ය කෙටුම්පත් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස්දීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.
මෙහිදී දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් සඳහා වර්ණ දෙකක් හෝ සුදු කළු යන වර්ණ පමණක් භාවිතා කළ හැකි අතර, වෙළඳ නාමය, නිෂ්පාදන නාමය, ඇසුරුම තුළ අඩංගු නිෂ්පාදනයේ ප්‍රමාණය සහ සෞඛ්‍යමය අනතුරු ඇඟවීම් ආදී රජය විසින් නිශ්චය කළ හෝ අනිවාර්ය කළ තොරතුරු හා සලකුණක් හැර අන් කිසිවක් එහි ප්‍රදර්ශනය කිරීම තහනම් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
දුම්කොළ අලෙවිය සැලැකිය යුතු මට්ටමකින් පහත හෙළීමට මෙම උපක්‍රමය ඉවහල්වන බව වෙනත් රටවල්වල අත්දැකීම් මගින් තහවුරුවී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
දුම්කොළ පරිභෝජනය නිසා ඇතිවන සෘජු හෝ වක්‍ර බලපෑම් හේතුවෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ 25,000කට වැඩි ප්‍රමාණයක් සිදුවන බවද පැවසේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Shiran Viraj

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Shiran Viraj

ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරනවා…

Shiran Viraj