July 17, 2026
Local NewsNews

නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)

ඔන්චිල්ලාවේ ලණුවකට ගෙළ හිරවීමෙන් දරුවෙනු මරණයට පත් වී තිබෙනවා.
 
මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවෙක්.
 
අද 01 උදෑසන එම දරුවා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. 
 
පාසලේ වාර විභාගය අවසන් වීම හේතුවෙන් අද දිනයේ පාසල නොගොස් ඔහු නිවසේ නතර වී සිට ඇති අතර මව කිළිනොච්චිය රෝහලට පිටත්ව ගිය අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ මොහු පමණයි.
 
ඔහුගේ නිවස අසළින් ගිය අයෙක් දරුවෙකු ලණුවක සිර වී සිටිනු දැක වහාම පැමිණි ලණුව කපා දරුවා මුදා ගෙන තිබෙනවා.
 
ඒ අවස්ථාවේ දරුවා සිහිසුන් වී ඇති බව සිතා වහාම රෝහල් ගත කරන්නට පියවර ගෙන ඇති අතර රෝහල් ගත කරන විටත් දරුවා මිය ගොස් ඇති බවයි කිළිනොච්චි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. 
 
දරුවාගේ මව සිය දරුවා මිය ගොස් ඇති බව දැනගෙන ඇත්තේ දරුවාගේ මළ සිරුර රෝහලට රැගෙන පැමිණි අවස්ථාවේදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..

Shiran Viraj

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

Shiran Viraj

නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..

Shiran Viraj