January 26, 2026
Local NewsNews

බෝනස් කේස් නිසා සුගතදාස පරිපාලනය අවුල් වෙලා

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වන සුගතදාස පාලන අධිකාරියේ සේවකයින් වෙත වසර අවසානයේ ලබාදෙන ප්‍රසාද දීමනා ලබානොදීමට විරෝධය දක්වමින් සේවකයින් පිරිසක් ඊයේ (02) එහි සේවක හමුව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
සුගතදාස ක්‍රීඩා සංකීර්ණ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා ජාතික සේවක සංගමය එක්ව මේ විරෝධතා ව්‍යාපාරය දියත්කර තිබේ.
ඔවුන්ට වසර අවසානයේ ප්‍රසාද දීමනා ලෙස රුපියල් 5,000ක මුදලක් ලබාදෙන අතර, මෙවර එය රුපියල් දෙදහසකින් කප්පාදු කර ලබාදීමට උත්සාහ කළ බවද පැවසේ.
කෙසේවුවද, ඊයේ (02) විරෝධය හේතුවෙන් සුගතදාස පාලන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා හා වෘත්තීය සමිති සාමාජිකයින් අතර අද (03) පෙරවරු 10.00ට සාකච්ඡාවක් පැවැත්වෙන බව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ සේවක සංගමයේ උප සභාපති හා සම්බන්ධීකාරක ඒ.ජී. පියසේන මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
සුගතදාස පාලන අධිකාරියට, සුගතදාස ගෘහස්ත හා අනෙක් ක්‍රීඩාංගනය, නුවරඑළිය තුරඟ තරග පිටිය, බෙලිඅත්ත ක්‍රීඩාංගනය, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනය හා දිගන ක්‍රීඩාංගනය අයත් වේ.
ඒවායේ සේවකයන් 350කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් සේවකයන් 250ත් 300ත් අතර පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටින බව පැවසේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයි

Shiran Viraj

ඇමෙරිකානු ප්‍රහාරය හමුවේ රජයේ නිහඬතාවට හේතුව ආරක්ෂක ගිවිසුම විය හැකි බව මොහාන් සමරනායක පවසයි

Shiran Viraj