29 C
Colombo
June 3, 2025
Local News News

භූගත ජලය ලබාගැනීම නියාමනයට පියවර

භූ ගත ජලය අධික ලෙස භාවිතය විවිධ පාරිසරික ගැටලු සඳහා හේතු වන බැවින් නළ ළිං විදුම් යන්ත්‍ර හිමිකරුවන් ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර භූගත ජලය ලබාගැනීම නියාමනයකට යටත් කරනු ලැබේ.
ඒ අනුව නළ ළිං ඉදිකිරීමේ කර්මාන්තකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අංක 2010 / 23 දරන 2017 – 03 – 16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වෙයි.
එම රෙගුලාසි අනුව කටයුතු නොකරනු ලබන කර්මාන්තකරුවන් සඳහා ජල සම්පත් මණ්ඩල පනතේ විධිවිධාන යටතේ පනවනු ලබන දඩ මුදල වැඩි කිරීමටත්, නළ ළිං විදුම් යන්ත්‍ර සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම මඟින් නළ ළිං විදුම්කරුවන්ගේ ප්‍රමිතියක් ඇති කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.

(under the courtesy of news.lk news web)

Related posts

පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියට

Shiran Viraj

ප‍්‍රධාන පාලමක් ගංවතුරට ගැලවී යයි…

Shiran Viraj

රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි

Shiran Viraj